ranil-7

විදේශීය රටවල ව්‍යාපාරික කටයුතු ව්‍යාප්ත කිරීමට කැමැත්ත දක්වන දේශීය මහා පරිමාණ පුද්ගලික සමාගම් සඳහා රුපියල් බිලියන 10ක සංවර්ධන මූල්‍ය පහසුකම් සැපයීමට රජය සැලසුම් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අගමැතිවරයා මෙසේ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනයේ වාර්ෂික මහා සභාව අමතමිනි. මුදල් අමාත්‍යාංශය මගින් සංවර්ධන මුල්‍ය සංස්ථාවක් ස්ථාපිත කිරීමට පෙර රජය රු. බිලියන 10ක් පෞද්ගලික අංශයට මුදා හරිනු ඇති බවත් පෞද්ගලික අංශයට අතිරේක අරමුදල් අවශ්‍ය වුවහොත්, එම සීමාව ඉහළ දැමීමට රජය කැමැත්තෙන් සිටින බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩි දුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here