‘ද්විත්ව පුරවැසිභාවය’ වගන්තිය ඉවතට
අවු: 32 නම් ජනපතිවෙන්න පුළුවන්


(අරුණ •අජිත් අලහකෝන්)

ඉදිරි ව්‍යවස්ථා සංශෝධනයක් මගින් උප අගමැති ධුරයක් ඇති කිරීමට ආණ්ඩුව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් පැවැසීය.

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් උප අගමැති තනතුරක් නිර්මාණය කළ හැකි වුවත් ආණ්ඩුව එවන් තීරණයක් නිල වශයෙන් ගෙන නැති බවද ඔහු කියයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ ඊයේ (24 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් විසින් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

වර්තමාන රජයේ ආරක්ෂක ඇමැතිවරයා ලෙස කටයුතු කරන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බව කී හෙතෙම රටේ ජනාධිපතිවරයා අනිවාර්යයෙන්ම ආරක්ෂක ඇමැතිවරයා විය යුතු බවද කීය.

ජනාධිපති ධුරයත් ආරක්ෂක ඇමැති ධුරයත් එකිනෙකින් වෙන් කරන්න බැහැ. ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන හා හතර වැනි වගන්තිය යටතේ ආරක්ෂක ඇමැති නිලය ජනාධිපතිවරයාට අනිවාර්යයෙන් අයත් වෙනවා. ජනාධිපතිවරයා කැමැති වුණත් අකමැති වුණත් එය අතහැරිය නොහැකියි.

ජනාධිපතිවරණයට තරග කළ හැකි වයස් සීමාව දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් අවුරුදු තිස් පහ දක්වා වැඩි කළද එය යළි අවුරුදු තිස් දෙක බවට වෙනස් කරනවා. ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ වගන්තියත් ඉවත් කරන්න කටයුතු කරනවා යැයි ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here