පාස්කු ඉරුදින ෂැංග්‍රිලා බෝම්බ ප්‍රහාරයට සිදු කළ තවුහිද් ජමාත් නායක ස්වයංඝාතක බෝම්බකරුවා වන මොහොමඩ් සහරාන් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ බව කියන සැකකරු ලබන 2 වැනිදා දක්වා තවදූරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (24) නියෝග කළේය. මහේස්ත්‍රාත්වරයා මේ නියෝගය සිදූ කළේ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවකු වන අබුසාලි අබුබකර් පුද්ගලයා ස්කයිප් තාක්ෂණය ඔස්සේ බන්ධනාගාරයේ සිටින අයුරු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවය.

සැකකරු ත්‍රස්ත නායකයා වන මොහොමඩ් සහරාන් සිදු කළ දේශනවලට සම්බන්ධ වී ඇති බවත් ත්‍රස්තවාදයට ආධාර උපකාර කර ඇති බවටත් විමර්ශන අනාවරණය කර ඇති බව රහස් පොලිසිය අධිකරණයට කියා සිටියේය.

සිද්ධියට අදාළව විමර්ශන සිදූ කර ලබන 02වැනිදා අධිකරණයට වාර්තා කරන ලෙස රහස් පොලිසියට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here