සුප්‍රකට සිනමා අධ්‍යක්ෂකවරයෙකු මනී රත්නම් සිය නවතම සිනමාපටයේ රූගත කිරීම් ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය ආරම්භයෙන් පසු රූගත කිරීම් ආරම්භ කරන පළමු දමිළ චිත්‍රපටය මෙයයි.

‘පොන්නියන් සෙල්වන්’ යනුවෙන් නම් කර ඇති මනි රත්නම්ගේ නවතම සිනමාපටයේ ප්‍රධාන නළුවන් ලෙස වික්‍රම් සහ ජෙයම් රවී තෝරා ගෙන ඇත. කොරෝනා වසංගතය ආරම්භයට පෙර සිනමාපටයේ රූගත කිරීම් කටයුතු හයිද්‍රාබාද්හි පිහිටි රාමොජි රාඕ සිනමා නගරයේ සිදුකෙරෙමින් තිබුණි.

මෙම චිත්‍රපටය විශාල දර්ශන ප්‍රමාණයක් මෙම වසර අවසාන වීමට පෙර ඉන්දියාවේ පුනේ සහ හයිද්‍රාබාද්හිදී රූගත කිරිමට ඔවුන් සැලසුම් කොට තිබූ නමුත් චිත්‍රපට නිෂ්පාදකවරුන් සහ අධ්‍යක්ෂකවරයා ඔවුන්ගේ නවතම චිත්‍රපටයේ රූගත කිරීමේ කටයුතු අවම පිරිසකගේ දායකත්වයෙන් ශ්‍රී ලංකාවේදී සිදුකිරීමට තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මේ සම්බන්ධයෙන් වන නිල නිවේදනය ඉදිරියේදී සිදුකිරීමට චිත්‍රපටයේ නිෂ්පාදකවරුන් බලාපොරොත්තු වන බව සඳහන්ය. දේවියතිරුමගල් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට පණ පොවනු ලැබූ ළමා නිලියක් වන බේබි සාරා ද මනි රත්නම්ගේ මෙම චිත්‍රපටය සඳහා තෝරා ගෙන තිබෙන අතර ජේෂ්ඨ නළුවෙක් වන Nizhalgal Raviද මෙම චිත්‍රපටය සඳහා එක්වීමට නියමිතයි.

වසර ගණනාවක් පුරා කැපවී සිටින තමාගේ සිහින ව්‍යාපෘතියක් වන මෙම පොන්නියන් සෙලවන් චිත්‍රපටය ප්‍රධාන කොටස් දෙකකින් යුක්ත වන බවත් එහි පළමු කොටස 2021 වර්ෂයේදී තිරගත කිරිමට බලාපොරොත්තු වන බවත් මනි රත්නම් පවසයි.

පොන්නියන් සෙල්වන් චිත්‍රපටයට පාදක වී ඇත්තේ එම නමින්ම කාල්කි ක්‍රිෂ්ණමුර්ති විසින් රචිත නව කතාවකි. මෙම චිත්‍රපටය සඳහා ආයිශ්චර්යා රායි බච්චන්, චියාන් වික්‍රම්, ත්‍රිෂා, ජෙයම් රවී, කාර්ති ඇතුළු ජනප්‍රිය නළු නිලියන් රැසක් එක්වන අතර සංගීත අධ්‍යක්ෂණය AR Rahman විසින් සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here