ප්‍රංශයේ කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව ගෙවීගිය දිනයේ පෙර දිනට සාපේක්ෂව 4,203කින් ඉහළ ගොස් තිබේ.

මේ සමග එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 367,095ක් දක්වා වැඩිවී ඇත.

එමෙන්ම, ගෙවීගිය දිනයේදී තවත් කොවිඩ්-19 මරණ 25ක් ප්‍රංශයෙන් වාර්තා වන අතර මේ සමග එරට සමස්ත මරණ සංඛ්‍යාව ද 30,732ක් ලෙස වාර්තා වෙයි.

ලොව හත්වැනි වැඩිම කොවිඩ්-19 මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ ප්‍රංශයෙන් වන අතර ඉතාලිය, එක්සත් රාජධානිය, මෙක්සිකෝව, ඉන්දියාව, බ්‍රසීලය හා එක්සත් ජනපදය ඉදිරියෙන් පසුවෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here