29 C
Colombo
Saturday, October 24, 2020

බස්නාහිර පළාතේ පොදු ස්ථානවල මත්ද්‍රව්‍ය පානය කළ 547ක් අත්අඩංගුවට

- Advertisement -
- Advertisement -

ඊයේ (07) පස්වරු 6.00 සිට රාත්‍රී 8.00 දක්වා පැය 02ක් තුළ ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකදී බස්නාහිර පළාතේ පොදු ස්ථානවල මත්ද්‍රව්‍ය පානය කළ 547 ක් දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් අතරින් වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරොයින් පානය කරමින් සිටියදීයි. එම සංඛ්‍යාව 265 කි. ඔවුන් සන්තකයේ තිබී සොයාගත් හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 89 කට අධිකය. සැකකරුවන් 136 ක් ගංජා භාවිත කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර , ඔවුන් සතුව තිබී සොයගැනු ගංජා ප්‍රමාණය ග්‍රෑම් 349 කට ආසන්නවේ. අයිස් භාවිත කරමින් සිටි සැකකරුවන් 27 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සතුව තිබි අයිස් ග්‍රෑම් 24 කට අධික ප්‍රමාණයක් හමුවු බව පොලිසිය පවසයි. මීට අමතරව තවත් සැකකරුවන් 4 දෙනෙක් මාවා භාවිත කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත. නීති විරෝධි මත්පැන් භාවිත කරමින් සිටි පුද්ගලයින් 107 ක්ද අත්අඩංගුවට ගෙන ඇති අතර නීති විරෝධි මත්පැන් බෝතල් 537 ක් ද පොලිස් භාරයට ගැනුනු බව ද බස්නාහිර පලාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය.

- Advertisement -

Latest news

khabib vs gaethje countdown

https://youtu.be/vqBGL6InxHQ
- Advertisement -

දුම්රිය දෙපාර්තුමේන්තුවෙන් විශේෂ දැනුම් දීමක්

රටේ පවතින කොවිඩ් නයින්ටීන් ව්‍යාප්ති තත්ත්වය හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ස්ථාන කිහිපයක දුම්රිය නොනවත්වා ධාවනය කිරීම සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී...

මෙරට 15 වන කොරෝනා මරණය කුලියාපිටියෙන්

මෙරට 15 වන කොරෝනා මරණය සිදුව ඇති බව වාර්තා වේ. මෙලෙස මියගොස් ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

උණ සෙම්ප්‍රතිශ්‍යාවට ලබා දුන් එන්නතක් විෂ වී දකුණු කොරියානුවෝ 13ක් ජීවිතක්ෂයට

ඉන්ෆ්ලුවෙන්සා ඇතුළු උණ, සෙම්ප්‍රතිශ්‍යා රෝගවලින් ආරක්ෂාවීමට රජය ලබා දුන් එන්නතක් විෂ වීමෙන් දකුණු කොරියානුවෝ 13 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. එන්නත ලබා දී...

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here