ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ මේ වසර තුළ වාර්තාගත ප්‍රමාණයක් ලැව් ගිනි හේතුවෙන් විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වන විටත් ප්‍රාන්තයේ ලැව්ගිනි විශාල සංඛ්‍යාවක් පවතින බව වාර්තා වන අතර මේ වසර තුළ පමණක් ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලැව්ගිනි හේතුවෙන් අක්කර ලක්ෂ 20කට වැඩි ප්‍රමාණයක් විනාශ වී තිබෙන බව ප්‍රාන්ත බලධාරීන් පවසයි. ඇතැම් ඒවා මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ඇති වූ ඒවා බවද බලධාරීන් අවධාරණය කරයි.

එල්ඩොරාඩෝ හි ඇති වූ ලැව් ගින්න සාදයක ප්‍රතිඵලයක් ලෙස ඇතිවූවක් අතර ඒ හේතුවෙන් අක්කර 7,000ක් විනාශ වී ගොස් තිබේ. කැලිෆෝනියා ප්‍රාන්තය මේවන විට අධික උණුසුම් කාලගුණික තත්වයකින් ද පීඩා විඳින අතර ලොස්ඇන්ජලීස් ප්‍රදේශයෙන් ඉතිහාසයේ වාර්තා වූ ඉහළම උෂ්ණත්වයත් පසුගිය ඉරිදා වාර්තා විය. එම අගය සෙල්සියස් අංශක 49.4ක් ලෙස සටහන් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here