29 C
Colombo
Saturday, October 24, 2020

ගෝඨාභය වෙනුවට ‘ශෝ’ඨාභය

- Advertisement -
- Advertisement -

අකුරක වැරැද්දකට මිහිර කර්තෘ දොට්ට !

ලේක්හවුස් තිදෙනෙක් ඉන්ටඩික්!
ලේක්හවුස් ආයතනය
මගින් ප්‍රකාශයට පත් කරනු ලබන ළමා පුවත්පතක් වන මිහිර පුවත්පතෙහි සිදු වූ අකුරක දෝෂයක් හේතුකොටගෙන ඒ කතෘවරයා,උප කර්තෘ වරයා, පිටු සැකසුම් ශිල්පියා වහාම ක්‍රියාත්මක වන පරිදි සේවය අත්හිටුවා ඇති බවට වාර්තා වෙයි.

පසුගිය සතියේ නිකුත් වූ මිහිරි පුවත්පතෙහි ඇතුළු පිටුවක ජනාධිපති වරයාගේ නම ගෝඨාභය ගෝඨාභය රාජපක්ෂ යන්න’ ‘ශෝ’ඨාභය ලෙස අකුරක දෝෂයක් ව සටහන්ව තිබීම හේතුකොටගෙන මෙම තීන්දුව ගෙන ඇත.

ඉවත් කිරීමට තුඩු දුන් ශෝඨාබය

පුවත්පතක මුද්‍රණ දෝෂයක් හෝ අතපසුවීමක් සිදුවීම අසාමාන්‍ය තත්ත්වයක් නොවන අතර එහෙත් ලේක්හවුස් පාලන අධිකාරියට එම වරද දශක කිහිපයක් මිහිර පුවත්පත කීර්තිමත් තැනකට ඔසවා තැබීමට කටයුතු කළ ප්‍රධාන කර්තෘවරයාව වැඩ තහනම් කිරීම කට මං දරුණු ලෙස යොදාගෙන තිබේ.ඊට අමතරව උප කර්තෘ වරයෙක් ද පිටු සැලසුම් ශිල්පියෙක් ද මේ බරපතළ පල ගැනීමට ලක්ව තිබේ .

කඩේට ගිය පත්තර තොග ආපසු ඇදලා

මිහිර පුවත්පත පසුගිය සතියේ මුද්‍රණ දෝෂය සහිතව වෙළඳපොළට නිකුත් කොට තිබූ අතර පසු එය දැනගත් වහාම ලක්ෂ ගණනක් වියදම් කොට ආපසු එම පුවත්පත් ගෙන්වා ගැනීමට කටයුතු කොට තිබේ .ඒ වෙනුවට අකුරක මුද්‍රණ දෝෂ නැවත සකස් කොටඅලුතින්ම එම පුවත්පත මුද්‍රණය කිරීමට කටයුතු කොට තිබේ.එයින් ලයිට් හවුස් ආයතනය ලද පාඩුව මිලියන ගණනකි.ලේක්හවුස් ආයතනයේ විසින් නිකුත් කරනු ලබන ප්‍රකාශනවල මුද්‍රණ දෝෂ සහ අතපසුවීම් මෙන්ම ඇතැම් විට හිතා මතා කරනු ලබන වැරදි ද බොහෝ වන නමුත් කිසිවක් නිවැරදි කිරීමට හෝ ඒ වරද පිළිගැනීමට ඔවුන් කටයුතු කරන්නේ නැත .එහෙත් ගෝඨාභය වෙනුවට ‘ශෝ” ඨාභය ලෙස නම වැරදියට හේතුකොටගෙන එම ආයතනය මාධ්‍යවේදීන් දෙදෙනෙකුගේ සහ පිටු සැලසුම් ශිල්පියෙකුගෙන් සේවය අත්හිටුවීම ටත් වෙළඳපොළට නිකුත් කරනු ලැබූ පුවත්පත ආපසු ගෙන්වා ගැනීමටත් කටයුතු කිරීම ලේක්හවුස් ආයතනයේ වර්තමාන පාලන අධිකාරියේ පවතින කෲරතර ස්වභාවය මනාව පිළිබිඹු කරන බව ආයතනයේ සේවකයෝ පවසති .

පසුව නිවැරදි කර යලි මුද්‍රණාය කල පුවත්පත
- Advertisement -

Latest news

khabib vs gaethje countdown

https://youtu.be/vqBGL6InxHQ
- Advertisement -

දුම්රිය දෙපාර්තුමේන්තුවෙන් විශේෂ දැනුම් දීමක්

රටේ පවතින කොවිඩ් නයින්ටීන් ව්‍යාප්ති තත්ත්වය හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ස්ථාන කිහිපයක දුම්රිය නොනවත්වා ධාවනය කිරීම සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී...

මෙරට 15 වන කොරෝනා මරණය කුලියාපිටියෙන්

මෙරට 15 වන කොරෝනා මරණය සිදුව ඇති බව වාර්තා වේ. මෙලෙස මියගොස් ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

උණ සෙම්ප්‍රතිශ්‍යාවට ලබා දුන් එන්නතක් විෂ වී දකුණු කොරියානුවෝ 13ක් ජීවිතක්ෂයට

ඉන්ෆ්ලුවෙන්සා ඇතුළු උණ, සෙම්ප්‍රතිශ්‍යා රෝගවලින් ආරක්ෂාවීමට රජය ලබා දුන් එන්නතක් විෂ වීමෙන් දකුණු කොරියානුවෝ 13 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. එන්නත ලබා දී...

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here