29 C
Colombo
Saturday, October 24, 2020

‘පාස්කු ඉරිදා ප්‍රහාරයට මුලින්ම හිරේ දාන්න ඕන මෛත්‍රීව’ – වියත්මග නිවන්ත කියයි

- Advertisement -
- Advertisement -

හැමදාම නිව්ස් වලින් ඇහෙන වැල් බයිලා නවතා, පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වී මුලින්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හිරේ දැමීමට අනිවාර්යයෙන් ම කටයුතු කළ යුතු යයි ‘වියත්මග’ සංවිධානයේ ආරම්භක සාමාජිකයකු හා ප්‍රබල ක්‍රියාකාරිකයකු වන නිවන්ත ප්‍රනාන්දු කියා සිටියි.

ඔහු එබව සඳහන් කර ඇත්තේ පාස්කු ජනාධිපති කොමිසමේ දී හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු පසුගියදා සිදුකළ ආන්දෝලනාත්මක අනාවරණයක් සම්බන්ධයෙන් සිය FB පිටුවේ ප්‍රතිචාරයක් පළකරමිනි.

නිවන්ත ප්‍රනාන්දු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සමාජ මාධ්‍ය ඒකකයේ ප්‍රධානියා ලෙස කටයුතු කරයි.

වියත්මග ආරම්භක සාමාජිකයින් කිහිපදෙනා (වාඩිවෙලා සිටින්නේ නිවන්ත)
(නාලක ගොඩහේවා ගේ FB පිටුවෙන් )

පාස්කු ප්‍රහාරයට පසු එය වළක්වා නොගැනීමේ වගකීම භාරගෙන පොලිස්පති ධූරයෙන් ඉවත් වුවහොත් ප්‍රහාරය පිළිබඳ සෙවීමට මුල්වරට පත්කෙරුණු මලල්ගොඩ කමිටුවේ වාර්තාවද වෙනස් කොට විදෙස් තානාපති ධූරයක් ලබා දෙන බවට එවකට පොලිස්පති පූජිත් ජයසුන්දරට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දැනුම් දී තිබූ බවට එම කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු  අනාවරණය කළේය.

ඊට ප්‍රතිචාරයක් ලෙස වියත්මග සමාජ මාධ්‍ය ප්‍රධානී නිවන්ත ප්‍රනාන්දු පලකළ සටහනේ මෙසේ සඳහන් වේ.

”තමන් අහුවෙයි කියන බයට රටක ජනාධිපති කෙනෙක් පොලිස්පතිට කියනවා කරපු වැරැද්ද පිලි අරන් අස්වෙන්න. මං කමිටු වාර්තාව වෙනස් කරලා තානාපතිකමක් හදලා දෙන්නම් කියලා.

ආරක්ෂක කවුන්සිලයේ වගකීම කිසිම අයුරකින් ඉටු නොකරා යැයි තියෙන සාක්ෂි එක්ක, හැමදාම නිව්ස් වලින් ඇහෙන වැල් බයිලා නවත්වලා වහාම ක්‍රියාත්මක වී අනිවාර්යයෙන්ම මුලින්ම හිර කරන්න ඕනේ මෙරට 6 වන විධායක ජනාධිපති Maithripala Sirisena ව.

(the leader)

- Advertisement -

Latest news

khabib vs gaethje countdown

https://youtu.be/vqBGL6InxHQ
- Advertisement -

දුම්රිය දෙපාර්තුමේන්තුවෙන් විශේෂ දැනුම් දීමක්

රටේ පවතින කොවිඩ් නයින්ටීන් ව්‍යාප්ති තත්ත්වය හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ස්ථාන කිහිපයක දුම්රිය නොනවත්වා ධාවනය කිරීම සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී...

මෙරට 15 වන කොරෝනා මරණය කුලියාපිටියෙන්

මෙරට 15 වන කොරෝනා මරණය සිදුව ඇති බව වාර්තා වේ. මෙලෙස මියගොස් ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

උණ සෙම්ප්‍රතිශ්‍යාවට ලබා දුන් එන්නතක් විෂ වී දකුණු කොරියානුවෝ 13ක් ජීවිතක්ෂයට

ඉන්ෆ්ලුවෙන්සා ඇතුළු උණ, සෙම්ප්‍රතිශ්‍යා රෝගවලින් ආරක්ෂාවීමට රජය ලබා දුන් එන්නතක් විෂ වීමෙන් දකුණු කොරියානුවෝ 13 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. එන්නත ලබා දී...

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here