30 C
Colombo
Saturday, October 24, 2020

ඇමෙරිකානු පුරවැසි නීතියට අනුව එරට පුරවැසියන්ට ලංකාවේ ඇමති තනතුරු දරන්නට බැහැ – රසික ජයකොඩි

- Advertisement -
- Advertisement -

යෝජිත විසි වැනි සංශෝධනයෙන් ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කිරීමට අවස්ථාව ලබා දුන්නත් ඇමෙරිකානු පුරවැසි නීතියට අනුව එරට පුරවැසියෙකුට වෙනත් රටකට පක්ෂපාතීත්වය පළ කරමින් දේශපාලන අධිකාරියේ තනතුරක් ලබා ගත නොහැකි බවත් එසේ කළහොත් එම පුද්ගලයාගේ ඇමෙරිකානු පුරවැසිභාවය අහෝසි වන බවත් සමගි තරුණ බලවේගයේ ප්‍රචාරක ලේකම් රසික ජයකොඩි සඳහන් කරයි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ සංක්‍රමණ සහ පුරවැසි පනතේ 349 (a) වගන්තිය අනුව ඇමෙරිකානු පුරවැසිභාවය ලද තැනැත්තෙකු වෙනත් රාජ්‍යයකට ප්‍රසිද්ධියේ පක්ෂපාතීත්වය පළ කොට ප්‍රතිඥාවක් ලබා දීමේ දී එවැනි ප්‍රතිඥාවක් ලබා දීම අනිවාර්‍ය වන රැකියාවක නියැලීමේ දී එම පුද්ගලයාගේ ඇමෙරිකානු පුරවැසිභාවය අහෝසි වන බව ද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

“ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 53 වැනි වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකාවේ අමාත්‍යවරයෙකු ලෙස පත් වන විට ශ්‍රී ලංකා ජනරජයට පක්ෂපාතීවත් අවංකවත් කටයුතු කරන බව සහ ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා වන අයුරින් එම කාර්‍යයන් සහ කර්තව්‍යයන් ඉටු කරන බවට දිවුරුමක් ලබා දීම අනිවාර්‍යයි.

ඒ අනුව ඇමෙරිකානු පුරවැසියෙකු මෙම දිවුරුම ලබා දුන්නොත් එරට පුරවැසි පනතේ 349(a) වගන්තිය හා 2 සහ 4(b) යන උපවගන්ති අනුව ඇමෙරිකානු පුරවැසිභාවය අහෝසි වී යනවා,” යැයි ද ඔහු සඳහන් කළේ ය.

”ඒ අනුව ඇමෙරිකානු පුරවැසියෙකු මෙම දිවුරුම ලබා දුන්නොත් එරට පුරවැසි පනතේ 349(a) වගන්තිය හා 2 සහ 4(b) යන උපවගන්ති අනුව ඇමෙරිකානු පුරවැසිභාවය අහෝසි වී යනවා.” – රසික ජයකොඩි

ඒ අනුව වෙනත් රාජයයක ප්‍රතිපත්ති සම්පාදනයට අදාළ තනතුරක් ලබා ගත හොත් අදාළ පුද්ගලයා ස්වකැමැත්තෙන් සිය ඇමෙරිකානු පුරවැසිභාවය අත් හරින බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අර්ථ දැක්වීම බවත් ඒ අනුව ඇමෙරිකානු පුරවැසියෙකු වෙනත් රටක එබඳු තනතුරක් ලබා ගතහොත් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට නිල වශයෙන් ඒ පිළිබඳ පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැකි බවත් ඔහු ප්‍රකාශ කළේ ය.

“ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් කටයුතු කිරීම වළක්වමින් නීති හඳුන්වා දුන්නේ 19 වැනි සංශෝධනය හරහා. 19 වැනි සංශෝධනයට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් පත්වූ ද්විත්ව පුරවැසියන් කවුද, ඔවුන්ට පුරවැසිභාවය තිබූ රටවල් මොනවාද කියන කරුණු සම්බන්ධයෙන් නිල තොරතුරු තිබුණේ නෑ. ඒ තොරතුරු හෙළි කිරීමේ අවශ්‍යතාවක් තිබුණෙ නෑ වගේ ම එහෙම සංවාදයක් රටේ තිබුණේ නෑ. නීතියේ තිබූ ඒ හිඩැස භාවිතා කරලා ද්විත්ව පුරවැසියන් මීට කලින් දේශපාලන අධිකාරියේ එවැනි තනතුරු දරන්නට ඇති. ඒත් 19 වැනි සංශෝධනයෙන් පසු ඒ තත්ත්වය වෙනස් වී තිබෙනවා,” යැයි ද රසික ජයකොඩි පැවසුවේ ය.

(the leader)

- Advertisement -

Latest news

පොඩි ලැසීගේ ආයුධ මීටියාගොඩින් හසුවෙයි – ආයුධ පෙන්වන්න ලැසීත් යයි

සංවිධානාත්මක පාතාල කල්ලි සාමාජිකයකු වන පොඩි ලැසී නැමැත්තාට අයත් ටී-56 ගිනි අවියක් හා රිවොල්වරයක් ඊයේ (23) රාත්‍රියේදී මීටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත ප්‍රදේශයේ...
- Advertisement -

වසංගත රැල්ලේ ගිලී යන දුගීන් ගැන ආණ්ඩුවෙන් ‘මල්ලේ පොල්’ උත්තර

කෝවිඩ් 19 නැතිනම් කොරෝනා වසංගතයේ දෙවැනි වටයෙන් පිඩාවට පත් අඩු ආදායම් ලාභී ජනතාවට පුද්ගලිකව විසඳාගත නොහැකි ආර්ථික හා සෞඛ්‍ය ගැටලුවලට සහනයක් හෝ...

PCR කිරීමට ආ පුද්ගලයෙක් හදිසියේ මිය යයි

කල්පිටිය රෝහලේ දී පීසීආර් පරීකෂණ සදහා භාජනය කරමින් සිටි පුද්ගලයකු හදිසියේ මියගිය බව කල්පිටිය පොලිසිය පවසයි. 32 හැවිරිදි විවාහකයකු...

වලල්ලාවිට හුදෙකලා කෙරේ

කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බුලවිට, බුලවිට උතුර, බුලවිට දකුණ, වෙදවත්ත, මගුරුමස්විල, මාකලන්දාව යන ග්‍රාම නිලධාරී වසම් නැවත දැනුම් දෙනතුරු හුදෙකලා...

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here