30 C
Colombo
Saturday, October 24, 2020

ශ්‍රී ලංකා අමරපුර, රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව විසින් නිකුත් කරන ලද විශේෂ නිවේදනය කෙරෙහි සමගි ජනබලවේගයේ අවධානය

- Advertisement -
- Advertisement -

ආණ්ඩුව විසින් ගෙන එන්නට උත්සාහ කරන විසිවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව  ශ්‍රී ලංකා අමරපුර, රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව විසින් නිකුත් කරන ලද විශේෂ නිවේදනය කෙරෙහි සමගි ජනබලවේගයේ සුවිශේෂී අවධානය යොමුවූ බව අවධාරණය කරමු.

ආණ්ඩුව විසින් ස්වකීය බලලෝබී උවමනාව සහ ඒකාධිපති අවස්‍ථාවාදය මුල්කරගෙන, ගෙන එන්නට උත්සාහ කරන විසිවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව කතිකාව කරලියට පැමිණි මොහොතේ සිටම සමගි ජනබලවේගය ඊට කොන්දේසි විරහිතව එරෙහිවූ අතර ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් එය පරාජය කිරීම උදෙසා සක්‍රීය කඳවුරක් බවට විපක්ෂය පත් කිරීමට කටයුතු කළෙමු.

ගරුකටයුතු මහා සංඝරත්නය නිරන්තරයෙන්ම මේ රටට එරෙහිව අනතුර පැමිණෙන සෑම මොහොතකම එය ආපසු හරවන්නට කටයුතු කළ ඉතිහාසය අද නැවත වරක්  ශ්‍රී ලංකා අමරපුර, රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව විසින් නිකුත් කරන ලද විශේෂ නිවේදනය තුලින් ගම්‍ය වේ.

එකී නිවේදනයේ සියලු කරුණු කෙරෙහි අපගේ දැඩි ගෞරවය ප්‍රමුඛ අවධානය යොමු කළ අතර ඒකාධිපති විසිවෙනි සංශෝධනය පරාජයට පත්කිරීමේ ගමන තවදුරටත් ශක්තිමත් කිරීමට  ධෛර්යය හා අධිෂ්ඨානය අප ඒ තුලින් ලද බවත්,මේ උතුම් දේශයේ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා අපගේ ගමන තව තවත් ශක්තිමත් කරන බවත් අවධාරණය කරමු.

සජිත් ප්‍රේමදාස 

විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායක 

- Advertisement -

Latest news

පොඩි ලැසීගේ ආයුධ මීටියාගොඩින් හසුවෙයි – ආයුධ පෙන්වන්න ලැසීත් යයි

සංවිධානාත්මක පාතාල කල්ලි සාමාජිකයකු වන පොඩි ලැසී නැමැත්තාට අයත් ටී-56 ගිනි අවියක් හා රිවොල්වරයක් ඊයේ (23) රාත්‍රියේදී මීටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත ප්‍රදේශයේ...
- Advertisement -

වසංගත රැල්ලේ ගිලී යන දුගීන් ගැන ආණ්ඩුවෙන් ‘මල්ලේ පොල්’ උත්තර

කෝවිඩ් 19 නැතිනම් කොරෝනා වසංගතයේ දෙවැනි වටයෙන් පිඩාවට පත් අඩු ආදායම් ලාභී ජනතාවට පුද්ගලිකව විසඳාගත නොහැකි ආර්ථික හා සෞඛ්‍ය ගැටලුවලට සහනයක් හෝ...

PCR කිරීමට ආ පුද්ගලයෙක් හදිසියේ මිය යයි

කල්පිටිය රෝහලේ දී පීසීආර් පරීකෂණ සදහා භාජනය කරමින් සිටි පුද්ගලයකු හදිසියේ මියගිය බව කල්පිටිය පොලිසිය පවසයි. 32 හැවිරිදි විවාහකයකු...

වලල්ලාවිට හුදෙකලා කෙරේ

කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බුලවිට, බුලවිට උතුර, බුලවිට දකුණ, වෙදවත්ත, මගුරුමස්විල, මාකලන්දාව යන ග්‍රාම නිලධාරී වසම් නැවත දැනුම් දෙනතුරු හුදෙකලා...

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here