30 C
Colombo
Saturday, October 24, 2020

ආණ්ඩුව කරන්නෙ එදාවේල දේශපාලනයයි

- Advertisement -
- Advertisement -

2020/10/16

විපක්ෂ නායක මාධ්‍ය අංශය නිකුත් කළ විශේෂ නිවේදනය. 

දිනෙන් දින සිය අසාර්ථකත්වය ඔප්පු කරමින් සිටින ආණ්ඩුව, රටේ  ප්‍රමුඛතාවයන් කෙරෙහි සංවේදී වනවා වෙනුවට විකට රසාංග ඉදිරිපත් කරමින් සිටී.

මේ මොහොතේ දහසකුත් එකක් ප්‍රශ්න රට පුරා ඇති අතර එදා වේල පිරිමසා ගැනීම පවා ජනතාවට බලවත් ගැටලුවක් බවට පත්ව තිබේ. කොරෝනා දෙවෙනි රැල්ල රට පුරා විසිරී ඇති අතර ජන ජීවිත බිදවැටී ඇත.බොහොමයක් වෙළද සැල්,රාජ්‍ය ආයතන,බැංකු සහ වෙනත් ආයතන රැසක්ම වසා දමා තිබේ. දිනෙන් දින හමුවන කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය ඉහල යන අතර සෞඛ්‍ය අංශවල අඩුපාඩු සහ ගැටලු බොහෝය.පළමු කොරෝනා රැල්ලෙන් කබලට වැටුණු ජීවිත දෙවෙනි රැල්ලෙන් ලිපට වැටී ඇත.

මේ සියල්ල මැද ආණ්ඩුව සිය නවතම නාඩගම රගදක්වා ඇත්තේ රිෂාඩ් බදූර්දීන් මහතා අත් අඩංගුවට ගැනීමේ මෙහෙයුම ලෙසට ය. විශේෂ පොලිස් කණ්ඩායම් හයක් යොදවා දෙදිනකට වැඩි කාලයක් ගතකර ඇති නමුත් තවමත් බදූර්දීන් මහතාව අත්අඩංගුවට ගැනීමට හැකිවී නැත.ඔහු අත් අඩංගුවට ගන්නා ලෙස වරෙන්තුවක්ද නැත 

දැන් එය ආණ්ඩුවේ විකට රසාංගයක් බවට පත්ව ඇති අතර රහස් පොලිසිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නිවසට පැමිණ කට උත්තර ලබා ගැනීම දක්වා එම රසාංගය  දිගු වී තිබේ. රහස් පොලිසිය විපක්ෂ නායකයාගෙන් විමසා ඇත්තේ අදාල දිනයේ රිෂාඩ් බදූර්දීන් මහතා සහ විපක්ෂ නායකයා අතර දුරකතන ඇමතුමක් ඇතිවූයේ  ඇයිද කියාය.

මෙය කොතරම් විහිළු සහගත තත්ත්වයක් ද කිවහොත් විපක්ෂ නායකයාට සිය පාර්ශවයේ මන්ත්‍රීවරයෙකුගෙන් ඇමතුමක් ලැබීම පවා ආණ්ඩුවට ප්‍රශ්නය කි.සිය මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කිරීම,ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම විපක්ෂ නායකයා සතු කාර්‍යභාරයක් මෙන්ම වගකීමක්ද වේ.සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකයා ලෙස සිය වගකීම අකුරටම ඉටු කළේය.නීතිගරුකබව මෙන්ම නීතියට අනුව කටයුතු කිරීමද පිළිබඳව දැඩි සේ විශ්වාස කරන විපක්ෂ නායකයා කිසිදු විටෙක අනීතික කටයුතු වලට ඉඩකඩ ලබා දී නැත. එහෙත් ආණ්ඩුව සිය දුෂ්ඨ අරමුණු පෙරදැරිව මේ සිදුවීම දේශපාලන අරමුණකට ගෙන පිළිකුල් සහගත වැඩපිළිවෙළක් දියත්කර ඇති බව පෙනේ. අනෙක් අතට ආණ්ඩුව රිෂාඩ් බදූර්දීන් මහතා ව අත් අඩංගුවට ගන්නට විශේෂ පොලිස් කණ්ඩායම් 6ක් යොදවා ඇතිබවට පාරම් බායි.එතැන් සිට දෙදිනක් ගතවී ඇතත් එය සිදු නොවීමෙන් ගම්‍ය වන්නේ ආණ්ඩුව සහමුලුන්ම තිර පිටපතකට කටයුතු කරන බවය.ආණ්ඩුව කළයුත්තේ රටේ පවත්නා බරපතල ව්‍යසනය කෙරෙහි අවධානය යොමු කොට වහාම අවශ්‍ය ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගැනීමය.

ඒ වෙනුවට ආණ්ඩුව විසිවෙනි සංශෝධනය සහ වෙනත් සිල්ලර කාරණා මත යැපෙමින් එදාවේල දේශපාලනයක් කරමින් සිටින බව අවධාරණය කළ යුතුය.නීතියට හිස නැමීමත්,ඊට ගරු කිරීමත් පිළිබඳව  සමගි ජනබලවේගයට ආණ්ඩුව ටියුෂන් දියයුතු නැති අතර වහාම ආණ්ඩුව රටේ ප්‍රමුඛතා හදුනාගැනීමේ ක්‍රියාවලියට අවතීර්ණ වියයුතු බව සිහිපත් කරමු.

විපක්ෂ නායක මාධ්‍ය අංශය

- Advertisement -

Latest news

පොඩි ලැසීගේ ආයුධ මීටියාගොඩින් හසුවෙයි – ආයුධ පෙන්වන්න ලැසීත් යයි

සංවිධානාත්මක පාතාල කල්ලි සාමාජිකයකු වන පොඩි ලැසී නැමැත්තාට අයත් ටී-56 ගිනි අවියක් හා රිවොල්වරයක් ඊයේ (23) රාත්‍රියේදී මීටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත ප්‍රදේශයේ...
- Advertisement -

වසංගත රැල්ලේ ගිලී යන දුගීන් ගැන ආණ්ඩුවෙන් ‘මල්ලේ පොල්’ උත්තර

කෝවිඩ් 19 නැතිනම් කොරෝනා වසංගතයේ දෙවැනි වටයෙන් පිඩාවට පත් අඩු ආදායම් ලාභී ජනතාවට පුද්ගලිකව විසඳාගත නොහැකි ආර්ථික හා සෞඛ්‍ය ගැටලුවලට සහනයක් හෝ...

PCR කිරීමට ආ පුද්ගලයෙක් හදිසියේ මිය යයි

කල්පිටිය රෝහලේ දී පීසීආර් පරීකෂණ සදහා භාජනය කරමින් සිටි පුද්ගලයකු හදිසියේ මියගිය බව කල්පිටිය පොලිසිය පවසයි. 32 හැවිරිදි විවාහකයකු...

වලල්ලාවිට හුදෙකලා කෙරේ

කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බුලවිට, බුලවිට උතුර, බුලවිට දකුණ, වෙදවත්ත, මගුරුමස්විල, මාකලන්දාව යන ග්‍රාම නිලධාරී වසම් නැවත දැනුම් දෙනතුරු හුදෙකලා...

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here