30 C
Colombo
Saturday, October 24, 2020

සමන්ත බද්‍රට පාඩමක්

- Advertisement -
- Advertisement -

මාර්ගය කියන්න⁣ට පැමිණි මුණිව⁣රයෙක් යැයි තමන් විසින් තමන්වම හඳුන්වාගන්නා මේ වසල ගති පැවතුම් ඇති ශාසණයේ දුප්පතා (සසුන් උණුසුම නො ලැබූ බැවින්) සසුනෙන් උපයාගත් බඩත්, තට්ටයත් තියාගෙන දැන් දැන් තවත් කෝලම් කරනු දක්නට ලැබේ..

තමන් අරිහත් යැයි කියාගෙන පුරම් බෑවාට අපිට නම් මොහුගෙන් ඇහෙන අරිහත් මාර්ගයක් වත්, අරිහත් තබා කළ්‍යාණ පෘථග්ජනයෙක් සතු විය යුතු හිරි ඔත්තප්ප දෙක තරම් වත් දෙයක් දකින්නට පේන්නට නැත..

පේන්නට ඇත්තේම කුඹුරු කොටන අම්මණ්ඩිලා ටිකක් සහ මගක තොටක යෑමට තරම් වත් පණකුත් නැති, ස්ථානෝචිත ප්‍රඥාවකුත් නැති භික්ෂුන් වහන්සේලා යැයි කියාගත් සිවුරු පොරවපු කෙහෙල් ගස් ටිකකුත් තබාගෙන දාන Birthday Party කිපයකුත්, පහුවදාට “ඒ..ම තමයි අපි.. අපි රහත්.. පිළින්දවච්ඡ පරපු⁣රෙන් එන්නෙ.. ඒ ම තමයි ඕයි රහතන් වහන්සේලා.. අපි කනවා උයාගෙන හලො.. අපිට තොපේ දානයෙන් වැඩක් නෑ..” වගේ එලොවටත් නැති මෙලොවටත් නැති තඹ දොයිතුවක වටිනාකමක් නැති කථා ටිකකුත් පමණි..

ඒ අස්සෙන් දාන දායකත්ව ගැනීමට කැමති අය⁣ට දුරකථන අංකයකුත් දාන බවද පෙනේ..

Siri Samanthabhadra Arhat Maha Thero මොනවද ළමයො මේ කරන විකාර

ඉරාජ්, හරින්ද්‍ර වැනි #මෝඩයන් සමාජයට විකුණා ජීවත් වන ව්‍යාපාරිකයන්ට නම් සිරිධම්ම යනු මුදල් ඉල්ලමකි.. ඇයිද කියතොත් කරන මී හරක් වැඩ වල තරමටම සමාජය බනින නිසා එයින් ඔවුන්ට මුදලක් ඉපැයෙන නිසාය.

ඔවුන් සති දෙකකට සැරයක් වත් සිරිධම්මව අන්තර්ජාලයේ දමාගෙන විකුණමින් පවුල් නඩත්තු කරන යාචක පිරිසක් වැනි පිරිසක් බව සලකා අපි කරුණා කළ යුතු ය..

නමුත් එය සිරිධම්ම නොදනී.. නමුත් ඔහුගේ මෝඩකම් YouTube එකේ හරි හරියට විකිණේ.

දැන් දැන් ඔහු විසින් හදා ගත් standard එක පවත්වා ගැනීමට විදියක් නැති නිසා ඉඳහිට පසු කලෙක භික්ෂුන් වහන්සේලා විසින් පණවා ගත් සම්ප්‍රදායන් විවේචනය කරනවා වැනි ලාමක ක්‍රියා කීපයකුත් දක්නට ලැබෙයි..

අපි සම්ප්‍රදාය කැඩුවා ය, ගාථා කීම ඒ කාලේ තිබ්බ දෙයක් නෙවෙයි කියන මේ නූගත් පුද්ගලයා තමන්ට වඳින්න ගාථා සකස් කරගෙන ඒවා අර පෙර කී කෙසෙල් ගස්වලට දී ඔවුන්ට පිළිවෙලකට ඉන්දවා පින්තූර ටිකක් ගෙන අන්තර්ජාලයේ නම් දමති.. ඒවා සම්ප්‍රදාය නොවේදැයි කෙනෙක් අැසූවිට තමන්ගේ ලඟ සිටින අම්මණ්ඩිලාව පෙන්වමින් “මේ මෝඩ අම්මණ්ඩිලට ඕවයි කුකරියි විතරයි පුලුවන්.. අපි ඒක දෙනවා හලෝ” කියමින් සතෙකුට බලන්නට බැරි සිනහවක් හෙළයි..

මේ වැනි ලාමක, තුච්ඡ, බාල ක්‍රියාවල යෙදෙමින් ශාසණය විග්‍රහ කරන්නට යන මොහු දැන් අන්ත අසරණ භාවයකට පැමිණ භික්ෂුවගේ අහින්සක සම්ප්‍රදායන් විවේචනය කරමින් පොරක් වෙන්නට හදන බවක් දුටිමි.. ඒ අතර තුර නොදන්න බණ දෙසන්නට ගිහින් වරදවා ගෙන විවේචනයක් ආ කළෙක ලැජ්ජාවෙන් ටික කලක් උමන්දාවේ හැංගීම ද සිරිධම්මට දැන් බොහෝම හුරු පුරුදු දෙයකි..

කාලයක පටන් ඔහු මේ හැංගිමුත්තො සෙල්ලම කරයි..

ටික කාලයක් ලැජ්ජාවෙන් සැඟව සිට නැවත අවුත් “අඩු කුලේ පරයෙක් කෙ⁣ල ගැහුවට සක්විත්තො බිමට බහින්නෑ වගේ” හාස්‍යජනක කථාවක් කියමින් වූ ලැජ්ජාව වසා ගන්නටද හදති..

මේ වැනි ශාසණ කඳ පණුවන් විනාශ වන්නේ, ප්‍රතික්ෂේප වන්නේ ධර්මය දන්නා සමාජයකින්ම නිසා සියලු සත්වයො ඉතාම වේගයෙන් ධර්මය අධ්‍යනය කර එහි යෙදීමට කල්පනා කොට මේ කථා වලින් තව තවත් අප්‍රමාදය ඇති කර ගත යුතු ය..

තව වසර කීපයකින් සිදු වන මොහුගේ මරණයෙන් මතු මේ කෝලම කරන් යන්නට තරම් පණ ඇති අලුත් ගෝලයෙක් මොහුට නැති නිසා මොහුගේ මරණයෙන්ම මේ කෝලම ඉවර වනු ඇති බැවින් ඔබ මේවාට ගැටිය යුතු ද නැත..

නමුත් මේ වැනි කඳ පණුවන් දුටු තැන ධාර්මිකව ප්‍රතික්ෂේප කළ යුතු ය..

එසේ වුවහොත් නිර්මල ශාසණය ඔබේ දරුවන්ටත් නිර්මලවම දායාද වනු අැත..

එය එසේ කිරීමට අපිදු නිතර නිතර උත්සහ කරන බැවින් ඔබත් මේ කටයුත්තට ශක්තිමත්ව දායක වීමට නිතර කල්පනා කළ යුතු ය..

තෙරුවන් සරණ පතමි..

කිරුලපන දම්මවිජය හිමි

- Advertisement -

Latest news

පොඩි ලැසීගේ ආයුධ මීටියාගොඩින් හසුවෙයි – ආයුධ පෙන්වන්න ලැසීත් යයි

සංවිධානාත්මක පාතාල කල්ලි සාමාජිකයකු වන පොඩි ලැසී නැමැත්තාට අයත් ටී-56 ගිනි අවියක් හා රිවොල්වරයක් ඊයේ (23) රාත්‍රියේදී මීටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත ප්‍රදේශයේ...
- Advertisement -

වසංගත රැල්ලේ ගිලී යන දුගීන් ගැන ආණ්ඩුවෙන් ‘මල්ලේ පොල්’ උත්තර

කෝවිඩ් 19 නැතිනම් කොරෝනා වසංගතයේ දෙවැනි වටයෙන් පිඩාවට පත් අඩු ආදායම් ලාභී ජනතාවට පුද්ගලිකව විසඳාගත නොහැකි ආර්ථික හා සෞඛ්‍ය ගැටලුවලට සහනයක් හෝ...

PCR කිරීමට ආ පුද්ගලයෙක් හදිසියේ මිය යයි

කල්පිටිය රෝහලේ දී පීසීආර් පරීකෂණ සදහා භාජනය කරමින් සිටි පුද්ගලයකු හදිසියේ මියගිය බව කල්පිටිය පොලිසිය පවසයි. 32 හැවිරිදි විවාහකයකු...

වලල්ලාවිට හුදෙකලා කෙරේ

කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බුලවිට, බුලවිට උතුර, බුලවිට දකුණ, වෙදවත්ත, මගුරුමස්විල, මාකලන්දාව යන ග්‍රාම නිලධාරී වසම් නැවත දැනුම් දෙනතුරු හුදෙකලා...

Related news

පොඩි ලැසීගේ ආයුධ මීටියාගොඩින් හසුවෙයි – ආයුධ පෙන්වන්න ලැසීත් යයි

සංවිධානාත්මක පාතාල කල්ලි සාමාජිකයකු වන පොඩි ලැසී නැමැත්තාට අයත් ටී-56 ගිනි අවියක් හා රිවොල්වරයක් ඊයේ (23) රාත්‍රියේදී මීටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත ප්‍රදේශයේ...

වසංගත රැල්ලේ ගිලී යන දුගීන් ගැන ආණ්ඩුවෙන් ‘මල්ලේ පොල්’ උත්තර

කෝවිඩ් 19 නැතිනම් කොරෝනා වසංගතයේ දෙවැනි වටයෙන් පිඩාවට පත් අඩු ආදායම් ලාභී ජනතාවට පුද්ගලිකව විසඳාගත නොහැකි ආර්ථික හා සෞඛ්‍ය ගැටලුවලට සහනයක් හෝ...

PCR කිරීමට ආ පුද්ගලයෙක් හදිසියේ මිය යයි

කල්පිටිය රෝහලේ දී පීසීආර් පරීකෂණ සදහා භාජනය කරමින් සිටි පුද්ගලයකු හදිසියේ මියගිය බව කල්පිටිය පොලිසිය පවසයි. 32 හැවිරිදි විවාහකයකු...

වලල්ලාවිට හුදෙකලා කෙරේ

කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බුලවිට, බුලවිට උතුර, බුලවිට දකුණ, වෙදවත්ත, මගුරුමස්විල, මාකලන්දාව යන ග්‍රාම නිලධාරී වසම් නැවත දැනුම් දෙනතුරු හුදෙකලා...
- Advertisement -

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here